Skip to content
V
කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නෙවිල් සිල්වා රිමාන්ඩ්
featured news - උණුසුම් පුවත්

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නෙවිල් සිල්වා රිමාන්ඩ්

By News Room · 10 December 2024

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ, සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (10) නියෝග කර තිබෙනවා.

ඒ අනුව ඔහු අද රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

2023 අගෝස්තු මාසයේ දී එම කොට්ඨාසය හමුවට පැමිණි පැමිණිල්ලක දී පැමිණිලි පාර්ශ්වයට වාසි වන අයුරින් කටයුතු කළ බවට ලද පැමිණිල්ලක් මත නෙවිල් සිල්වා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබුණා.

එම විමර්ශනවලදී සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා විසින් පැහැරගෙන යෑමේ සහ අයුතු සිර කරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් බවට තහවුරු වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026