Skip to content
V
කොළඹට සජබෙන් නගරාධිපති කෙනෙක්?
featured news - උණුසුම් පුවත්

කොළඹට සජබෙන් නගරාධිපති කෙනෙක්?

By News Room · 7 May 2025

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය මෙරට විපක්ෂය ලැබූ ජයග්‍රහණයක් බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.

මහ මැතිවරණයේ 17% ක් ලෙස තිබුණු සමගි ජන බලවේගයේ ඡන්ද ප්‍රතිශතය මෙවර 22% ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, විපක්ෂයේ සියළු පක්ෂ ඡන්ද ප්‍රතිශතය වැඩි කරගෙන ඇති බවත්, ඒ අනුව මහ මැතිවරණයේදී තිබුණු ජනවරම මේ මැතිවරණයේදී අහෝසි වී ඇති බවයි ඔහු පවසා සිටියේ.

ඉදිරියේදී පළාත් පාලන ආයතන පිහිටුවීමේදී විපක්ෂයේ සියළු කණ්ඩායම් එක්වී ආයතන විශාල ප්‍රමාණයක බලය පිහිටුවන බවද මහ ලේකම්වරයා සඳහන් කර සිටියා.

කොළඹ මහ නගර සභාව සඳහා විපක්ෂය ඒකාබද්ධව 60%ක පමණ ප්‍රතිශතයක් ලබාගෙන ඇති බවත්, සියළු දෙනා එක්වී, සමගි ජන බලවේගයේ නගරාධිපතිවරයෙක් සමග, කොළඹ මහ නගර සභාව පිහිටුවීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026