Skip to content
V
කොළඹට නයිට් මාර්කට් එකක්
featured news - උණුසුම් පුවත්

කොළඹට නයිට් මාර්කට් එකක්

By News Room · 10 April 2025

කොළඹ නගරය තුළ සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමේ අරමුණින් මැයි මාසයේ අවසානයේ සිට Marine Drive ආශ්‍රිතව රාත්‍රී වෙළඳපොළක් විවෘත කිරීමට මේ වන විට සැලසුම් සකස් කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් පවසනවා.

ඒ අනුව සමහර සංචාරක කේන්ද්‍රස්ථානවල විශේෂ පහසුකම් දියුණු කිරීමට බලාපොරොත්තු වන බවත්, කොළඹ නගරය තුළ සංචාරක ආකර්ෂණයන් වැඩි කිරීම සහ සංචාරකයන්ට කළ හැකි කටයුතු වැඩි කිරීමට බලාපොරොත්තු වන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

කොළඹ නගරය සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් වලින් සපිරි නගරයක් බවත්, නමුත් සංචාරකයන්ට විනෝදවිය හැකි උත්සව හෝ වෙනත් අවස්ථාවල අඩුවක් කොළඹ නගරයේ පවතින බවද ඔහු සඳහන් කළා.

එයට පිළියමක් ලෙස කොළඹ නගරයේ Marine Drive ආශ්‍රිතව රාත්‍රී වෙළඳපොළක් (Night Market) විවෘත කිරීමට සැලසුම් කර ඇති බවත්, මැයි මාසය අවසානයේ සිට එය ක්‍රියාත්මක කරන බවයි බුද්ධික හේවාවසම් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026