Skip to content
V
කෙහෙළිය පරිහරණය කළ නිවසක් මහාධිකරණයක් සඳහා යෝජනා වෙයි
featured news - උණුසුම් පුවත්

කෙහෙළිය පරිහරණය කළ නිවසක් මහාධිකරණයක් සඳහා යෝජනා වෙයි

By News Room · 28 October 2025

දුෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම (2025-2029) ප්‍රකාරව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත පැවරී ඇති කාර්යභාරයන් ක්‍රියාත්මක කිරීම සඳහා නව මහාධිකරණ කිහිපයක් කඩිනමින් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව, කඩිනමින් නව මහාධිකරණ 4ක් ස්ථාපිත කිරීම සඳහා දැනට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය භාරයේ පවතින පහත සඳහන් ලිපිනයන්හි පිහිටි ගොඩනැගිලි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත භාර දීම පිණිස සිය අමාත්‍යාංශය විසින් පියවර ගනු ලබන බවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදුව, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.

  • අංක B 88, ග්‍රෙගරි පාර, කොළඹ 07
  • අංක C 76, බෞද්ධාලෝක මාවත, කොළඹ 07
  • අංක B 108, විජේරාම පාර, කොළඹ 07
  • අංක B 12, ස්ටැන්මෝර් චන්ද්‍ර වංකය, කොළඹ 07

මෙලෙස මහාධිකරණයක් සඳහා යෝජිත වී ඇති කොළඹ 07 විජේරාම පාරේ නිවස හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිහරණය කළ නිවස බව රජයේ ආරංචි මාර්ග පවසයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026