Skip to content
V
කෙහෙළියට සහ පුත්‍රයාට ඇප
featured news - උණුසුම් පුවත්

කෙහෙළියට සහ පුත්‍රයාට ඇප

By News Room · 3 June 2025

ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට පුද්ගලයින් පහළොස් දෙනෙකු නාමිකව ඇතුළත් කොට ඔවුන්ට හිමි වැටුප් දීමනා හා අති කාලදීමනා ලබා ගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ අසූවකට අධික පාඩුවක් සිදුකළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව රක්ෂිත  ගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල සහ අමාත්‍යවරයාගේ හිටපු සම්බන්ධීකරණ නිලධාරියකු වන නිශාන්ත බණ්ඩාර බස්නායක යන සැකකරුවන් තුන්දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

ඒ අනුව සැකකරුවන් රුපියල් 50,000/- බැගින් වූ මුදල් ඇප සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කළේය.

සැකකරුවන්ගේ ඇපකරුවන් ඔවුන්ගේ ළඟම ඥාතීන් විය යුතු බවත් නියෝගයේ සඳහන් වුණි.

අල්ලස් කොමිසමේ නිලධාරිනිය අධිකරණයේ ඉල්ලීමක් කරමින් සැකකාර රමිත් රඹුක්වැල්ල මහතාගේ ආදර්ශ අත්සන් විමර්ශන කටයුතු සඳහා ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ඒවා ලබා දෙන ලෙස ඔහු වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියාය. 

එම ඉල්ලීම සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය රමිත් රඹුක්වැල්ල මහතාට හෙට (04) දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට එම ආදර්ශ අත්සන් ලබා දෙන ලෙස නියම කළේය.

ඉන් අනතුරුව අදාළ පැමිණිලි යළි ඔක්තෝබර් මස 10 වනදා කැදවීමට නියම කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026