Skip to content
V
කෙහෙළියට එරෙහි නඩුව කල් යයි
featured news - උණුසුම් පුවත්

කෙහෙළියට එරෙහි නඩුව කල් යයි

By News Room · 3 October 2024

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකළ නඩුව විභාගය සඳහා නොවැම්බර් මස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම නඩුව අද (03) කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණය හමුවේ පෙනී සිට ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව අදාළ නඩුව කලින් නියම කළ පරිදි නොවැම්බර් මස 29 වනදා විභාගයට ගැනීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.

ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සිය පෞද්ගලික ජංගම දුරකථන සඳහා ගෙවිය යුතු රුපියල්240,000/- කට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල්වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්ද යන විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026