Skip to content
V
කොස්තාපල්වරයෙකුට පහරදුන් වෙලේ සුදාගේ සහෝදරයෙකු අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

කොස්තාපල්වරයෙකුට පහරදුන් වෙලේ සුදාගේ සහෝදරයෙකු අත්අඩංගුවට

By News Room · 17 March 2025

මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර පොලිස් කොස්තාපල්වරයෙකුට තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සුනිමල් කුමාර නොහොත් "තාජු" නැමැත්තා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අද (17) රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරගතව සිටින සමන්ත කුමාර හෙවත් "වෙලේ සුදාගේ" සහෝදරයෙක් බවටද හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි. ගල්කිස්ස පොලීසියට අනුයුක්ත බඩෝවිට පොලිස් මුරපොළේ නිලධාරින් පිරිසක් ඊයේ (16) පස්වරුවේ බඩෝවිට අදියර තුන ප්‍රදේශයේ විශේෂ මත්ද්‍රව්‍ය වැටලීමක් දියත් කර තිබුණි.

පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට වැටලීම අතරතුර ලද තොරතුරකට අනුව පොලිස් ස්ථානාධිපතිවරයා සැකකරු අත්අඩංගුවට ගැනීමට ගොස් තිබුණේ කොස්තාපල්වරයෙක් ද සමඟයි. එහිදී ප්‍රදේශයේ මාර්ගයක් අසළ රැඳී සිටි සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ මත්ද්‍රව්‍ය තිබී ඇති අතර ඒ අනුව පොලීසිය ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ ගෙන තිබුණි.

අත්අඩංගුවට ගැනීමට විරෝධය පළකරමින් සැකකරු පොලීසිය සමග පොරබදා ඇති අතර, එහිදී ඔහු කොස්තාපල්වරයාට තියුණු ආයුධයකින් තුවාල සිදුකර පළාගොස් තිබුණි. පිහි ඇනුමෙන් උරහිසට හා උදරයට සිදුවූ තුවාල හේතුවෙන් කොස්තාපල්වරයා කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026