Skip to content
V
කොස්ගොඩ වෙඩි තැබීමක්
featured news - උණුසුම් පුවත්

කොස්ගොඩ වෙඩි තැබීමක්

By News Room · 30 January 2025

කොස්ගොඩ පොලිස් වසමේ මහඉඳුරුව ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක් ඉදිරිපිට දී හා නිවස තුළට පැමිණ නිවසේ සිටි පුද්ගලයෙකුට වෙඩිතැබීමක් සිදුකර තිබේ. ඒ සම්බන්ධයෙන් 119 ට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය පැවසීය.

වෙඩිතැබීම සඳහා යොදාගත් ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ජීවිත හෝ දේපොළ හානි කිසිවක් වාර්තා වී නොමැති බව පොලීසිය සඳහන් කරයි. නිවස ආසන්නයේ තිබී අපරාධය සඳහා යොදාගත් ගිනිඅවිය බවට සැක කෙරෙන පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් හමුවී ඇති අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කොස්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026