Skip to content
V
කුවේට්හි ශ්‍රී ලාංකික සිරකරුවන් 32ක් ලංකාවට
featured news - උණුසුම් පුවත්

කුවේට්හි ශ්‍රී ලාංකික සිරකරුවන් 32ක් ලංකාවට

By News Room · 25 November 2024

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ, එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට සිර දඩුවම් විදිමින් සිටින ශ්‍රී ලාංකික සිරකරුවන් 104 දෙනෙකු අතරින් 32 දෙනෙකු, ඉතිහාසයේ පළමු වතාවට, කුවේට් රාජ්‍යයේ සිට විශේෂ ගුවන් යානකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (25) පස්වරුවේ පැමිණ තිබුණි.

මෙම ශ්‍රී ලාංකිකයන් කුවේට් රාජ්‍යය තුළ භයානක ඝනයේ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම, වෙළෙඳාම් සහ ජාවාරම් කිරීම සහ ප්‍රවාහනය කිරීම යන චෝදනා යටතේ එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කර වැරදිකරුවන් වූ පිරිසකි. මොවුන් අතරින් කොටසක් ශ්‍රී ලංකාවට එවීම සදහා ඉකුත් මාර්තු මාසයේ සිට කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතා ප්‍රයත්න දරා තිබූණි.

පසුව කුවේට් රාජ්‍යයේ රජතුමා සහ එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සමග ශ්‍රී ලංකා තානාපතිවරයා පැවති සමීප සබදතා උපයෝගී කර ගනිමින් සහ ඔවුන් සමග මේ පිළිබඳ සාකච්ඡා වට ගනනාවක් සිදු කිරීමෙන් අනතුරුව, මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මෙරටට එවීම සදහා කුවේට් ගුවන් හමුදාව සතු විශාලතම සී.- 17 වර්ගයේ ගුවන් යානයක් නොමිලේ ලබා ගැනීමට සමත් වී තිබුණි.

මෙම ශ්‍රී ලාංකික සිරකරුවන් භාර දීමට පියවර ගෙන තිබුණ ද එම සිරකරුවන් හුවමාරු ගිවිසුම යටතේ මෙරට සිර දඩුවම් විදිමින් සිටින කුවේට් සිරකරුවන් කිසිවෙකු නොසිටීම විශේෂත්වයකි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026