Skip to content
V
කුවේට් බොර තෙල් නෞකාවකට ඉරාන ප්‍රහාර
featured news - උණුසුම් පුවත්

කුවේට් බොර තෙල් නෞකාවකට ඉරාන ප්‍රහාර

By News Room · 31 March 2026

ඩුබායි වෙරළට ඔබ්බෙන් වූ බොර තෙල් අඩංගු විශාල නෞකාවකට ඉරානය ප්‍රහාර එල්ල කර තිබෙනවා.

පර්සියානු බොක්ක සහ හෝමුස් සමුද්‍ර සන්ධියේදී මිසයිල හෝ පුපුරණ ද්‍රව්‍ය රැගත් ඩ්‍රෝන යානා මගින් වෙළෙඳ නැව් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාර මාලාවේ නවතම සිදුවීම වන්නේ කුවේට් ධජය යටතේ යාත්‍රා කළ මෙම 'අල්-සල්මි' (Al Salmi) නෞකාවට එල්ල වූ ප්‍රහාරයයි.

වත්මන් මිල අනුව ඩොලර් මිලියන 200කට වඩා වටිනා, තෙල් බැරල් මිලියන 2ක් පමණ රැගෙන යා හැකි මෙම නෞකාවට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ කුවේට් පුවත් සේවය වාර්තා කිරීමත් සමග බොර තෙල් මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.

නෞකාවේ හිමිකරු වන කුවේට් පෙට්‍රෝලියම් සංස්ථාව පැවසුවේ හානිය තක්සේරු කරමින් පවතින බවත්, තෙල් කාන්දුවක් සිදුවීමේ අවදානමක් පවතින බවත්.

කෙසේ වෙතත්, ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු හටගත් ගින්න පාලනය කිරීමට හැකි වූ බවත්, කිසිවෙකුට තුවාල සිදුව නොමැති බවත්, ඩුබායි බලධාරීන් පසුව තහවුරු කර ඇති බවයි රොයිටර් පුවත් සේවාව වාර්තා කරන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026