Skip to content
V
කැලිෆෝනියා ප්‍රාන්තයට ප්‍රබල භූකම්පනයක්
featured news - උණුසුම් පුවත්

කැලිෆෝනියා ප්‍රාන්තයට ප්‍රබල භූකම්පනයක්

By News Room · 6 December 2024

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට රික්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් ඊයේ (05) පස්වරු 6.44ට පමණ ඇතිව තිබේ. මෙම භූකම්පනයේ අපිකේන්ද්‍රය සටහන්ව තිබුණේ කැලිෆෝනියාවේ ෆර්න්ඩේල් නගරයට කිලෝමීටර 100ක් පමණ ඔබ්බෙන් වූ මුහුදේ ය.

මේ සමග මිලියන 5ක පමණ පිරිසකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණි. එමෙන්ම වෙරළබඩ නගරවලින් ජනතාව ඉවත් කෙරුණු අතර, ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ද නිවේදනය කළේය.

කෙසේ වුවද භුකම්පනය සිදුවී පැය දෙකකට ආසන්න කාලයකින් පසුව සුනාමි අනතුරු ඇඟවීම් ඉවත් කර ඇත. භූකම්පනයෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති අතර, ඉන් සිදුව ඇත්තේ ද ඉතාමත් සුළු දේපල හානියක් පමණක් බවද වාර්තා වේ.

කෙසේ වුවද එහි බලපෑමෙන් 10,000ක පමණ පිරිසකට විදුලිය ඇනහිටීමකට මුහුණ දීමට සිදුව තිබේ. මෙය කැලිෆෝනියාවෙන් වාර්තා වූ ප්‍රබලතම භූකම්පනයක් ලෙස විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026