Skip to content
V
කුලී රථ රියදුරන්ගේ රන් භාණ්ඩ කොල්ලකෑ සැකකරුවන් 04ක් අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

කුලී රථ රියදුරන්ගේ රන් භාණ්ඩ කොල්ලකෑ සැකකරුවන් 04ක් අත්අඩංගුවට

By News Room · 8 December 2024

කුලී ගමන් යන මුවාවෙන් කුලී රථවල රන් භාණ්ඩ පැළඳ සිටින රියදුරන්ගේ රන් භාණ්ඩ සූක්ෂම ලෙස කොල්ලකෑ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. 

අදාළ සැකකරුවන් ත්‍රිරෝද රථයට ගොඩවී මත්කුඩු වර්ගයක් රියදුරුට පානය කිරීමට දී මෙම කොල්ලය සිදුකර ඇතැයි පොලීසිය පවසයි.

රුපියල් ලක්ෂ පනස් පහකට ආසන්න වටිනාකමකින් යුත් මුදල් සහ රන් භාණ්ඩ සැකකරුවන් කොල්ලකා ඇතැයිද ඉන් රුපියල් ලක්ෂ 41ක් වටින රණ් භාණ්ඩ තොගයක් හෙට්ටි වීදය රන් භාන්ඩ අලෙවි සැලකින් සොයා ගැනීමටද පොලීසිය සමත්ව තිබේ.

පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී ඇත්තේ සැකකරුවන් පොලිස් වසම් 15ක පමණ මෙම සොරකම්වල නිතරව ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස රක්වාන, මරදාන, බදුල්ල, වැරැල්ලගම පදිංචි 37-38ත් අතර පසුවන අය බවත් පොලීසිය පැවසීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026