Skip to content
V
කොලොම්බියා ජනපතිගේ අමෙරිකානු වීසා බලපත්‍රය අවලංගු කරයි
featured news - උණුසුම් පුවත්

කොලොම්බියා ජනපතිගේ අමෙරිකානු වීසා බලපත්‍රය අවලංගු කරයි

By News Room · 28 September 2025

කොලොම්බියාවේ ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝගේ අමෙරිකානු වීසා බලපත්‍රය අවලංගු කිරීමට අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. නිව්යෝර්ක් නුවර පැවති පලස්තීනයට සහය දැක්වීමේ විරෝධතාවකදී ජනාධිපති පෙට්‍රෝ විසින් කරන ලද නොසැලකිලිමත් සහ ප්‍රකෝපකාරී ක්‍රියා හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ජනාධිපති පෙට්‍රෝ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සඳහා නිව්යෝර්ක් වෙත ගොස් සිටියදී, එළිමහනේ රැස්ව සිටි විරෝධතාකරුවන් අමතා අදාළ ප්‍රකාශ කර තිබුණා.

ට්‍රම්ප්ගේ විධානයන්ට කීකරු නොවිය යුතු අතර, මනුෂ්‍යත්වයේ විධානයන්ට පමණක් කීකරු විය යුතු බව ඔහු එහිදී ප්‍රකාශ කළා. මීට අමතරව ජනාධිපති පෙට්‍රෝ සිය දේශනයේදී ජනාධිපති ට්‍රම්ප් ඉලක්ක කළ අතර, ගාසා තීරයේ සිදුවන ජන සංහාරයට ට්‍රම්ප් සහකාරීත්වය දරන බවයි කියා සිටියේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026