Skip to content
V
"ක්ලීන් ශ්‍රී ලංකා" වැඩපිළිවෙළ අගය කරන බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කියයි
featured news - උණුසුම් පුවත්

"ක්ලීන් ශ්‍රී ලංකා" වැඩපිළිවෙළ අගය කරන බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කියයි

By News Room · 27 November 2024

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ  "ක්ලීන් ශ්‍රී ලංකා"  වැඩපිළිවෙළ අගය කරන බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා පවසයි.

ඒ සඳහා ඕනෑම අවස්ථාවක අවශ්‍ය සහාය ලබා දීමට ද කටයුතු කරන බව පැවසූ ඔහු අල්ලස් දූෂණවලින් තොර නව රජයේ වැඩපිළිවෙළ ආයෝජකයින් ආකර්ෂණය කිරීමට හේතුවන බව පැවසීය.

අද (27) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වූ අවස්ථාවේදී ඔහු ඒ බව පවසා ඇත. එමෙන්ම එම යාන්ත්‍රණය රට පුරා ස්ථාපිත කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සඳහා ඕනෑම අවස්ථාවක සහයෝගය දක්වන බවද ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා සඳහන් කර තිබේ.

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින වසර 75ක මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින් දෙරට අතර සමීප සබඳතා ඉදිරියටත් පවත්වාගෙන යාමට කටයුතු කරන බවද මහකොමසාරිස්වරයා මෙහිදී පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජාතික ආරක්‍ෂාව, සමුද්‍රීය කටයුතු, ඩිජිටල්කරණය, රාජ්‍ය අංශය නවීකරණය, වෘත්තීය අධ්‍යාපනය සහ බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ ඕස්ට්‍රේලියානු තාක්ෂණික සහාය ලබා දීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කර ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026