Skip to content
V
කැලණි ගඟේ ජල මට්ටම ක්‍රමයෙන් පහළට
featured news - උණුසුම් පුවත්

කැලණි ගඟේ ජල මට්ටම ක්‍රමයෙන් පහළට

By News Room · 2 December 2025

කැලණි ගඟේ ජල මට්ටම මේ වන විට පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ඒ අනුව කැලණි ගං ද්‍රෝණියේ පහත්බිම් ප්‍රදේශවලට බලපා තිබු ගංවතුර තත්ත්වයන් ද පහව යමින් පවතින බවය.

ඊට අමතරව කළුගඟ, මල්වතු ඔය ඇතුළු ජලාශවල ද ජලමට්ටම් පහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් කැලණි ගඟේ නාගලගම්වීදිය ජලමාපකයේ ජල මට්ටම අද අලුයම 02.00ක වනවිට අඩි 08ක් තිබු අතර අලුයම  03.00 වන විට අඩි 7.90 ක් දක්වා අඩු වී තිබේ. නමුත්  තවදුරත් මහ ගංවතුර තත්ත්වයක් පවති බව දැනුම්දී  ඇත.

එමෙන්ම හංවැල්ල ජලමාපකයේ ජල මට්ටම අද අලුයම 02.00ක වනවිට අඩි 08ක් තිබු අතර අලුයම  03.00 වන විට අඩි 7.93 ක් දක්වා අඩු වී තිබෙන අතර තවදුරටත් අවධානම් මට්ටමේ පවතින බව සඳහන් වේ. කළුගඟේ ඇල්ගම ජලමාපකයේ ජල මට්ටම අද අලුයම 02.00ක වනවිට අඩි 10.40 ක් තිබු අතර අලුයම  03.00 වන විට අඩි 10.30 ක් දක්වා අඩු වී තිබෙන අතර තවදුරටත් අවධානම් මට්ටමේ පවතින බව සඳහන් වේ.

එමෙන්ම මල්වතු ඔයේ තන්තිරමලේ ජලමාපකයේ ජල මට්ටම අද අලුයම 02.00ක වනවිට අඩි 8.98ක් තිබු අතර අලුයම  03.00 වන විට අඩි 8.95 ක් දක්වා අඩු වී තිබෙන අතර තවදුරටත් මහ ගංවතුර තත්ත්වයක් පවතින බව දැනුම්දී  ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026