Skip to content
V
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
featured news - උණුසුම් පුවත්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

By News Room · 12 November 2024

සයිබර් ප්‍රහාරයක් එල්ලවූ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පැවසීය.

පසුගිය පළමු වැනිදා එම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය සයිබර් ප්‍රහාරයට ලක්විය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක නිලධාරි චරුක දමුණුපොළ මහතා,

"නොවැම්බර් පළවෙනිදා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් සම්බන්ධ තොරතුරු දැනුවත් කිරීමක් කළා අදාළ දෙපාර්තමේන්තුව විසින්. මෙම සයිබර් ප්‍රහාරයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ වෙනස්වීමක් ඇති වුණා. ඒ සම්බන්ධ මූලික පරික්ෂණවලින් අනතුරුව වෙබ් අඩවිය නැවතත් යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු දැනටමත් කරමින් පවතිනවා. මේ සම්බන්ධ විමර්ශනයකුත් දැනටමත් ක්‍රියාත්මක වෙනවා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ යම් තොරතුරු වෙනත් බාහිර පාර්ශ්වයකට ගියාද නැද්ද යන්න වග.මූලික පරික්ෂණවලින් අනාවරණය වුණ තොරතුරු අනුව එවැනි කිසිදු තොරතුරක් බාහිර පාර්ශ්වයකට ලබාගැනීමක් හෝ සොරා ගැනීමක් වාර්තා වෙන්නේ නෑ."

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026