Skip to content
V
කාලගුණය ගැන අවදානයෙන්
featured news - උණුසුම් පුවත්

කාලගුණය ගැන අවදානයෙන්

By News Room · 7 January 2026

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින අඩු පීඩන කලාපය මේ වනවිට මඩකලපුවට කිලෝමීටර් 700ක් දුරින් ස්ථානගතව පවතී.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පවසා සිටියේ මෙම පද්ධතිය ඉදිරි පැය කිහිපය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී හෙට (08) දිනයේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ ආසන්නයට පැමිණිය හැකි බවය. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවද ඒ මහතා කියා සිටියේය.

විශේෂයෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම යන පළාත්වල විටින් විට වැසි අපේක්ෂා කරන අතර ඉදිරි දින කිහිපයේ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන අනාවැකි සම්බන්ධයෙන් අවදානයෙන් පසුවෙන ලෙසත් මෙරිල් මෙන්ඩිස් මහතා ජනතාවට දැනුම්දෙයි.

මේ අතර කන්කන්සතුරේ සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුවේ සිට හම්බන්තොට දක්වා වු මුහුදු ප්‍රදේශයන්හි අද සිට නැවත දැනුම්දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙසත් මෙරිල් මෙන්ඩිස් මහතා ජනතාවට දැනුම් දුන්නේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026