Skip to content
V
ක්‍රිෂ් නඩුව පෙබරවාරි 16ට කල් යයි
featured news - උණුසුම් පුවත්

ක්‍රිෂ් නඩුව පෙබරවාරි 16ට කල් යයි

By News Room · 18 December 2025

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව පෙබරවාරි මස 16 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව අද (18) කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවදූරුගොඩ මහත්මිය හමුවේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා විසින් නඩුවට අදාළ ලේඛන සමහරක් විත්තියේ නීතිඥවරු වෙත ලබා දුන්නේය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරිය මෙම නඩුව යළි පෙබරවාරි මස 16 වනදා කැඳවන ලෙස නියෝග කළාය.

මෙරට රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක් මුදලක් ලබාගෙන සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

ඉකුත් යහපාලන රජය සමයේ දූෂණ විරෝධී හඩ නමැති සංවිධානයේ කැඳවුම්කරු වූ වත්මන් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශන කර ලිපිගොනු නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව වත්මන් ජාතික ජන බලවේගය රජය බලයට පත්වීමෙන් පසු නීතිපති විසින් කොළඹ මහාධිකරණය හමුවේ නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026