Skip to content
V
කුරුවිට සහ මැගසින් බන්ධනාගාරවල නොසන්සුන්තාවයක් - පාලනයට කඳුළු ගෑස් සහ STF කැඳවයි
featured news - උණුසුම් පුවත්

කුරුවිට සහ මැගසින් බන්ධනාගාරවල නොසන්සුන්තාවයක් - පාලනයට කඳුළු ගෑස් සහ STF කැඳවයි

By News Room · 7 August 2026

කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතරද අද (07) නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ. බන්ධනාගාර ප්‍රකාශයෙකු සඳහන් කර සිටියේ, ඊයේ (6) රාත්‍රියේ මෙම නොසන්සුන්තාව හටගෙන තිබූ බවත්, පසුව එය පාලනය කිරීමට කටයුතු කළ බවත්ය. කෙසේ නමුත් අද උදෑසන යළිත් රැඳවියන් අතර නොසන්සුන්තාවක් ඇතිව තිබේ. රැඳවියන් පිරිසක් බන්ධනාගාර රෝහලටද අලාභහානි කර ඇති බව වාර්තා වේ. ඒ හේතුවෙන් තත්ත්ය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ලකර ඇති බව සඳහන්ය. 

මේ අතර කොළඹ නව මැගසින් බන්ධනාගාරයේද ඊයේ රාත්‍රියේ රැඳවියන් පිරිසක් අතර යම් නොසන්සුන්තාවක් ඇතිවූ අතර, ඒ හේතුවෙන් පොලීසිය, පොලිස් කැරලි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) වහාම කැඳවා අද උදෑසන වනවිට එහි තත්ත්වය පාලනය කරනු ලැබීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026