featured news - උණුසුම් පුවත්
කාන්තාවන් වෙනුවෙන් කාන්තා කොමිෂන් සභාවක් පත් කිරීමට තීරණයක්

කාන්තාවන්ගෙ ගැටලු නිරාකරණය කිරීම සඳහා කාන්තා කොමිෂන් සභාවක් පත්කිරීමට රජය තීරණය කර ඇත. මෙම කොමිෂන් සභාවට දැනටමත් සත් දෙනෙකුගෙන් යුත් සාමාජිකයින් පිරිසක් පත්කර ඇතැයි වාර්තා වේ. 2024 අංක 34 දරණ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනතේ බලතල අනුව මෙම සාමාජිකයින් පත්කර ඇත. කාන්තා කොමිෂන් සභාවට රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ රැකියා ස්ථානවලදී කාන්තාවන්ට සිදුවෙන ගැටලු, හිරිහැර සහ අසාධාරණකම් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට හැකියාව ලැබෙනු ඇත.




