Skip to content
V
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අදින් ඇරඹේ
featured news - උණුසුම් පුවත්

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අදින් ඇරඹේ

By News Room · 30 September 2025

කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අදින් (30) ආරම්භ වේ. මෙවර තරගාවලිය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පැවැත්වීමට නියමිතය. තරගාවලියේ සමාරම්භක උත්සවය ඉන්දියාවේ ග්වාති ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අතර පළමු තරගය ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර පැවැත් වේ. පළමු වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 7කට සහභාගී වන අතර ඉන් තරග 2ක් ඉන්දියාවේදීත් තරග 5ක් ශ්‍රී ලංකාවේදීත් පැවැත්වීමට නියමිතය. කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් මස 2 වන දින පැවැත්වීමට නියමිතය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026