Skip to content
V
කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගය අද
featured news - උණුසුම් පුවත්

කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගය අද

By News Room · 2 November 2025

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර නවි මුම්බායි ක්‍රීඩාංගණයේදී අද පස්වරු 3ට පැවැත්වීමට නියමිතය. කාලගුණ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අද තරගයට යම්තාක් දුරට වර්ෂාවෙන් බාධා එල්ලවීමේ සම්භාවිතාවක් ඇති බවය.

නමුත් තරගය අත්හැර දැමීමට සිදුනොවෙනු ඇති බවටද අනාවැකි පලකර තිබේ. කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේදී එංගලන්තය පරාජය කළ දකුණු අප්‍රිකාව අවසන් මහා තරගයේ තම ස්ථානය තහවුරු කරගත්තේය.

දකුණු අප්‍රිකාව කාන්තා එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගයකට සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාව මෙය වේ. දෙවන අවසන් පූර්ව තරගයේදී හත් වතාවක් ලෝක ශූරයන් වූ ඔස්ට්‍රේලියා කණ්ඩායම පරාජය කළ ඉන්දියාව අවසන් මහා තරගයේ තම ස්ථානය තහවුරු කරගත්තේය.

ඒ අනුව කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර අද පස්වරු 3ට ආරම්භ වීමට නියමිතය. මෙවර තරගාවලියේ අවසන් මහා තරගය වාර්තා අතරට එක්වන්නේ ඔස්ට්‍රේලියාව හෝ එංගලන්තය නොමැතිව පැවැත්වෙන පළමු එක්දින ලෝක කුසලාන අවසන් මහා තරගය ලෙසයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026