Skip to content
V
කාන්තා ලෝක කුසලානයේ පළමු තරගයේ ජය බංග්ලාදේශයට
featured news - උණුසුම් පුවත්

කාන්තා ලෝක කුසලානයේ පළමු තරගයේ ජය බංග්ලාදේශයට

By News Room · 3 October 2024

කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (3) පස්වරුවේ පැවති තරගයෙන් ස්කොට්ලන්තය පරාජය කර ලකුණු 16ක ජයක් ලැබීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.

'බී' කාණ්ඩයේ තරගයක් ලෙසින් මෙම තරගය සාජාහිදී පැවැත්විණි. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 07ක් දැවී ලකුණු 119ක් රැස්කිරීමට සමත් විය.

සෝභනා මොස්තරි ඉනිමේ වැඩිම ලකුණු රැස්කළ පිතිකාරිනිය වූ අතර, ඇය පන්දු 38කට මුහුණදෙමින් ලකුණු 36ක් රැස්කළාය.මොස්තරිගේ ඉනිමට හතරේ පහර 2ක් ඇතුළත් විය.

ඇයට අමතරව ආරම්භක පිතිකාරිනී ශති රාණි ලකුණු 29ක් ඉනිමට එක් කළාය. පන්දු 32කට මුහුණදුන් ඇය හතරේ පහර 3ක් එල්ල කිරීමට සමත් විය.

ස්කොට්ලන්තය වෙනුවෙන් සස්කියා හෝර්ලි කඩුලු 3ක් දවාගැනීමට සමත් විය. ඒ වෙනුවෙන් පන්දුවාර 2ක් පමණක් යොමුකළ ඇය ලකුණු 13ක් පමණක් ලබා දුන්නාය.

කෙසේ නමුත් ලකුණු 120ක ඉලක්කයක් හඹාගිය ස්කොට්ලන්තයට පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 103ක් පමණි.

ආරම්භක පිතිකාරිනී සාරා බ්‍රයිස් ඉනිමේ ස්කොට්ලන්ත ඉනිම අවසන් වනවිටත් කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 49ක් රැස් කළාය.

කෙසේ නමුත් ඇය හැරෙන්න වෙනත් කිසිදු පිතිකාරිනියකට කණ්ඩායම දිනවිය හැකි ඉනිමක් ක්‍රීඩා කිරීමට නොහැකි විය.

බංග්ලාදේශය වෙනුවෙන් රිතු මෝනි කඩුලු 02ක් දවාගත්තාය. පන්දුවාර 4ම යොමුකළ ඇය එහිදී ලබා දුන්නේ ලකුණු 15ක් පමණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026