Skip to content
V
කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට
featured news - උණුසුම් පුවත්

කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

By News Room · 20 October 2024

T20 කාන්තා ලෝක කුසලානයේ නවසීලන්ත සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම් අද (20) තරග වදින අවසන් මහා තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටයි. අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 07.30ට ඩුබායිහිදී ආරම්භ වීමට නියමිතයි. පසුගිය ඔක්තෝබර් 03 වැනිදා ආරම්භ වූ T20 කාන්තා ලෝක කුසලානය සඳහා කණ්ඩායම් 10ක් සහභාගී වූ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ තරග සියල්ලම පරාද වී තරගාවලියෙන් ඉවත් වුණා.

මෙවර අවසන් තරගය සඳහා ක්‍රීඩා කරනු ලබන නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව මෙතෙක් T20 කාන්තා ලෝක කුසලානයක් ජය ගෙන නොමැති වීමත් විශේෂත්වයක්. එමෙන්ම, අද පැවැත්වෙන T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පිටියේ ප්‍රධාන විනිසුරුවරියක් ලෙස කටයුතු කිරීමේ අවස්ථාව නිමාලි පෙරේරාට හිමිවී තිබෙනවා. ක්‍රිකට් ලෝක කුසලානයක අවසන් තරගයක පිටියේ ප්‍රධාන විනිසුරුවරියක් ලෙස කටයුතු කරන පළමු ශ්‍රී ලාංකික විනිසුරුවරිය වන්නේ ද ඒ අනුව ඇයයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026