Skip to content
V
කාන්තා ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
featured news - උණුසුම් පුවත්

කාන්තා ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

By News Room · 20 September 2024

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලබන මස 03වනදා සිට 20 දක්වා පැවැත්වෙන විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්.

හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, කවිෂා දිල්හාරි, නිලක්ෂි ද සිල්වා, හසිනි පෙරේරා, අනුෂ්කා සංජීවනී, සචිනි නිසංසලා යන ක්‍රීඩිකාවන් සංචිතයට ඇතුළත්.

එමෙන්ම උදේශිකා ප්‍රබෝධනී, ඉනෝෂි ප්‍රනාන්දු, අචිනි කුලසූරිය, ඉනෝකා රණවීර, ශෂිනි ගිම්හානි, අමා කාංචනා සහ සුගන්දිකා කුමාරි ද සංචිතයට නම් කර ඇති සෙසු ක්‍රීඩිකාවන්.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026