Skip to content
V
කැනේඩියානු රජය විසින් සංක්‍රමණිකයින් කප්පාදු කරන්න තීරණයක්
featured news - උණුසුම් පුවත්

කැනේඩියානු රජය විසින් සංක්‍රමණිකයින් කප්පාදු කරන්න තීරණයක්

By News Room · 27 October 2024

කැනඩාව තුළ ඉහළ යන ජනගහන වර්ධනයට තාවකාලිකව විරාමයක් තැබීමේ අරමුණින් එරටට පැමිණෙන සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව කප්පාදු කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව, 2025 වසරේදී ලක්ෂ 5ක පිරිසකට කැනඩාවේ ස්ථිර පදිංචියට දී තිබූ අවසරය සංශෝධනය කරමින් 395,000ක් දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.

කැනේඩියා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝගේ රජයේ නව සංක්‍රමණික ප්‍රතිපත්ති හඳුන්වාදෙමින් කැනඩාව තුළ ඉහළ යන ජනගහන වර්ධනයට තාවකාලිකව විරාමයක් තැබීමේ වැඩසටහන යටතේ එරටට පැමිණෙන සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර සිසුන් සහ තාවකාලික විදේශ ශ්‍රමිකයින් යන දෙඅංශයෙන්ම මෙම කප්පාදුවන සිදුවනවා.

කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ මාධ්‍ය වෙත අදහස් පල කරමින් කියා සිටියේ ඉදිරි වසර තුනක කාලය සඳහා රටට ගෙන ඒමට නියමිත සංක්‍රමණිකයින් සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන තිබෙන බවයි. ඒමෙන්ම අපගේ ජනගහන වර්ධන ඉලක්ක ඉදිරි වසර දෙක තුළ අභිබවා යාම හේතුවෙන් එහි සමතුලිතතාව පවත්වාගෙන යාමට නොහැකි වු බව ඔහු කියා සිටියා.

නව සංක්‍රමණ සඳහා මහජන සහයෝගය අඩුවෙමින් පැවැතීම, වර්ධනය වන සංක්‍රමණිකයින් සංඛ්‍යාව සහ නිවාස හා සමාජ සේවා කෙරෙහි සිදුවන බලපෑම යන කරුණු සැලකිල්ලට ගනිමින් කැනඩාව මෙම තීරණයට එළැඹ තිබෙන බව කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ වැඩිදුරටත් කියා සිටියා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026