Skip to content
V
කැනේඩියානු මහා මැතිවරණයෙන් Mark Carney ට ජය
featured news - උණුසුම් පුවත්

කැනේඩියානු මහා මැතිවරණයෙන් Mark Carney ට ජය

By News Room · 29 April 2025

කැනේඩියානු මහා මැතිවරණය ජය ගැනීමට Mark Carney නායකත්වයෙන් යුතු ලිබරල් පක්ෂය සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තවමත් ඡන්ද ගණන් කරමින් පවතින අතර, ඔහු පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබා ගනීවිදැයි තවම ප්‍රකාශ කළ නොහැකි නමුත්, එලෙස බහුතරය ලබා ගැනීමට නොහැකි වුවහොත් පාලනය ගෙන යාමට වෙනත් පක්ෂයක සහාය ලබා ගැනීමට ඔහුට සිදුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

පරාජිත කොන්සර්වේටිව් නායක Pierre Poilievre සිය පරාජය පිළිගෙන ඇති අතර ඔහුට සිය ආසනය ද අහිමි වනු ඇති බවයි සඳහන් වන්නේ.

සවස 3.00 වන විට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව ආසන 168ක ලිබරල් පක්ෂය පෙරමුණ ගෙන ඇති අතර, කොන්සර්වේටිව් පක්ෂය ආසන 144ක් ලබා සිටියා. බලය තහවුරු කර ගැනීමට නම් ආසන 172 ක බලය තහවුරු කර ගත යුතු වන බවයි දැක්වෙන්නේ.

ජයග්‍රහණයෙන් අනතුරුව පාක්ෂිකයින් ඇමතූ Mark Carney සඳහන් කළේ, ඉදිරි දිනවලදී තමා ඩොනල්ඩ් ට්‍රම්ප් සමග තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026