Skip to content
V
කැනඩාවේ හින්දු කෝවිලකට එල්ල කළ ප්‍රහාරය නරේන්ද්‍ර මෝදි හෙළා දකින
featured news - උණුසුම් පුවත්

කැනඩාවේ හින්දු කෝවිලකට එල්ල කළ ප්‍රහාරය නරේන්ද්‍ර මෝදි හෙළා දකින

By News Room · 5 November 2024

කැනඩාවේ පිහිටි හින්දු කෝවිලකට හිතාමතාම ප්‍රහාරයක් එල්ල කිරීම දැඩි ලෙස හෙළා දකින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා. ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් බිය ගැන්වීමේ “බියගුලු උත්සාහයන්” පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කරන බව ද ඔහු පවසා තිබෙනවා. සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ,කැනඩාව යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය තහවුරු කරනු ඇතැයි ඉන්දියාව අපේක්ෂා කරන බවයි.

“කැනඩාවේ හින්දු කෝවිලකට හිතාමතා කළ ප්‍රහාරය මම තරයේ හෙළා දකිනවා. අපගේ රාජ්‍ය තාන්ත්‍රිකයන් බිය ගැන්වීමේ බියගුලු උත්සාහයන් ද ඒ හා සමානව භයානක යි. එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවිටෙකත් ඉන්දියාවේ අධිෂ්ඨානය දුර්වල කරන්නේ නැහැ. කැනේඩියානු රජය යුක්තිය සහතික කර නීතියේ ආධිපත්‍යය තහවුරු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා,” යනුවෙන් අගමැති මෝදි පවසා තිබුණා.

අග්‍රාමාත්‍යවරයාගේ එම පණිවිඩය නිකුත් වූයේ, ඔන්ටාරියෝහි බ්‍රැම්ප්ටන්හි හින්දු සභා කෝවිලේ අන්තවාදීන්ගේ සහ බෙදුම්වාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය හෙළා දැකීමෙන් පැය කිහිපයකට පසුවයි.

“අපි කැනඩා රජයෙන් ඉල්ලා සිටින්නේ සියලුම පූජනීය ස්ථාන මෙවැනි ප්‍රහාරවලින් ආරක්ෂා කර දෙන ලෙසයි. ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙන අයට ද නඩු පැවරීමට අපි බලාපොරොත්තු වෙමු. කැනඩාවේ සිටින ඉන්දීය ජාතිකයන්ගේ ආරක්ෂාව සහ ආරක්ෂාව පිළිබඳව අපි දැඩි අවධානයෙන් පසුවනවා,” ඉන්දීය විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක රන්දීර් ජයිග්වාල් බැම්ප්ටන්හි ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් පවසා තිබුණා.

එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා ඉන්දියාවේ අධිෂ්ඨානය දුර්වල නොකරන බවයි අගමැති මෝදි X හි සටහනක් තබමින් වැඩිදුරටත් තහවුරු කළේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026