Skip to content
V
කැනඩාවේ හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවයි
featured news - උණුසුම් පුවත්

කැනඩාවේ හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවයි

By News Room · 24 March 2025

කැනඩාවේ හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවීමට අග්‍රාමාත්‍ය මාර්ක් කානි පියවර ගෙන තිබේ. අග්‍රාමාත්‍ය ධූරයට පත්වී සති 02කටත් අඩු කාලයක් තුළ මෙලෙස පාර්ලිමේන්තුව විසුරවා මහ මැතිවරණයක් කැඳවීමට කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කානි පියවර ගැනීම විශේෂත්වයකි.

ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් මස 28 වනදා පැවැත්වෙන බව අග්‍රාමාත්‍යවරයා නිවේදනය කර ඇත. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අහිතකර බදු ප්‍රතිපත්ති මඟින් එල්ල වන බලපෑම්වලට මුහුණ දීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීම මෙලෙස හදිසි මැතිවරණයක් කැඳවීමේ අරමුණ බව කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව සභිකයින් 343දෙනෙකු තෝරා ගැනීම වෙනුවෙන් අප්‍රේල් 28 වනදා පැවැත්වෙන මැතිවරණයේදී ආසන 172ක් ජයග්‍රහණය කරන පක්ෂයට පාලන බලය හිමිවනු ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026