Skip to content
V
කැනඩාවේ උසස් පාසලක සිදුවූ වෙඩි තැබීමකින් 10ක් ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

කැනඩාවේ උසස් පාසලක සිදුවූ වෙඩි තැබීමකින් 10ක් ජීවිතක්ෂයට

By News Room · 11 February 2026

කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා (British Columbia) පළාතේ ඊසානදිග ප්‍රදේශයේ පිහිටි උසස් පාසලක ඊයේ (10) සිදුවූ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් දහදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

සැකකරු ද මියගොස් ඇති බවට විශ්වාස කරන බවයි එරට පොලිසිය පවසා ඇත්තේ.

වෙඩි තැබීමෙන් පාසල තුළදීම පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් ඇති අතර, අසළ නිවසක දෙදෙනෙකු සහ රෝහල්ගත කිරීමේදී තවත් එක් අයෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

පීස් රිවර් සවුත් (Peace River South) පාසල් දිස්ත්‍රික්කය ඊයේ (10) උදෑසන ප්‍රකාශ කළේ, අදාළ ද්විතීයික පාසල සහ ටම්බ්ලර් රිජ් (Tumbler Ridge) ප්‍රාථමික පාසල යන දෙකම වසා දමා දැඩි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කළ බවයි.

පීස් රිවර් සවුත් ප්‍රදේශයේ ව්‍යවස්ථාදායකයේ සාමාජික ලැරී නියුෆෙල්ඩ් (Larry Neufeld) වාර්තාකරුවන්ට පැවසුවේ, රාජකීය කැනේඩියානු මවුන්ටඩ් පොලිසිය (RCMP) සහ ගිලන්රථ සහාය ඇතුළු අතිරික්ත සම්පත් ප්‍රමාණයක් එම ප්‍රජාව වෙත යවා ඇති බවයි.

දැනට ක්‍රියාත්මක වන මෙහෙයුම්වල ආරක්ෂාවට බාධාවක් විය හැකි බැවින් වැඩිදුර තොරතුරු නිකුත් කිරීමට තමන් අකමැති බව ද ඔහු පවසා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026