Skip to content
V
කැනඩාවේ අග්‍රාමාත්‍ය ධුරයට මාර්ක් කාර්නි තේරී පත්වෙයි
featured news - උණුසුම් පුවත්

කැනඩාවේ අග්‍රාමාත්‍ය ධුරයට මාර්ක් කාර්නි තේරී පත්වෙයි

By News Room · 10 March 2025

කැනඩාවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා 59 හැවිරිදි මාර්ක් කාර්නි තේරී පත්ව තිබේ. ඒ ජස්ටින් ටෲඩෝ, පාලක ලිබරල් පක්ෂයේ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වීමත් සමගයි. ඒ අනුව ලිබරල් පක්ෂයේ නායකත්වය සඳහා පැවති තරගයේ දී කැනඩාවේ හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන මාර්ක් කාර්නි තේරී පත් විය.

පක්ෂ සාමාජිකයින් 152,000 කට අඩු සංඛ්‍යාවක් ඡන්දය දුන් තරඟයකදී ප්‍රකාශිත ඡන්දවලින් 86% ක් ලබා ගනිමින්මාර්ක් කාර්නි, හිටපු මුදල් ඇමතිනී ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ් පරාජය කර ඇති බව සඳහන් වේ. ජයග්‍රහණයෙන් පසු මාර්ක් කාර්නි අමෙරිකානු ජනාපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් ද අදහස් පලකර තිබුණි.

ඔහු පවසා ඇත්තේ "අපේ ආර්ථිකය දුර්වල කිරීමට උත්සාහ කරන කෙනෙක් ඉන්නවා," "ඔහු කැනේඩියානු කම්කරුවන්ට, පවුල්වලට සහ ව්‍යාපාරවලට පහර දෙනවා. අපට ඔහුට සාර්ථක වීමට ඉඩ දිය නොහැක."

"අපි කලින් සිතා නොගත් දේවල්, අපි නොසිතූ වේගයකින් කිරීමට අපට සිදුවනු ඇත." යනුවෙනි. මේ අතර, හිටපු අගමැති පුත්‍රයෙක් වන ජස්ටින් ටෲඩෝ වසර 09ක කාලයක් කැනඩාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මෙන්ම ලිබරල් පක්ෂය නායකයා ලෙස ද කටයුතු කළේය.

2013 වසරේදී ලිබරල් පක්ෂය දැඩි අසීරුතාවකට පත්ව සිටි අවස්ථාවේ දී  දේශපාන කරලියට පැමිණි ටෲඩෝ එම පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත්වුණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026