Skip to content
V
කුඩු සළිඳුට වරෙන්තු
featured news - උණුසුම් පුවත්

කුඩු සළිඳුට වරෙන්තු

By News Room · 23 December 2024

ඇප නිදහස් වූ සළිදු මල්ෂික ගුණරත්න නොහොත් "කුඩු සළිඳු" නැමැත්තා අත්අඩංගුවට ගැනීමට පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත්කර තිබේ.

ඇප මත නිදහස් කිරීමේදී සෑම ඉරු දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස "කුඩු සළිඳු" නැමැත්තාට අධිකරණය විසින් කොන්දේසියක් පනවා තිබුණි.

එහෙත්  ඔහු ඊයේ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට නොමැති බව සඳහන්ය.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (23)  කරුණු වාර්තා කළේය.

එම කරුණු සැලකිල්ලට ගෙන "කුඩු සළිඳු" නැමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබුණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026