Skip to content
V
කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් අත්අඩංගුවට

By News Room · 10 October 2024

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍වාහනය කරමින් සිටි පුද්ගලයකු බොරැල්ලේ දි අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක් වන පුද්ගලයකි.

අත්අඩංගුවට ගත් සැකකරු සහ මත් කරල් ප්‍රවාහනය කල ලොරි රථය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍ර‍ව්‍ය කාර්යාංශය වෙත භාර දී ඇත. අත්අඩංගුවට ගන්නා ලද සැකකරුගෙන් වැඩිදුර ප්‍ර‍ශ්න කිරීමේදි මන්නාරම ප්‍රදේශයේ සිට කොලඹට බෙදා හැරීම සඳහා මෙම මත් කරල් ප්‍රවාහනය කර ඇති බව අනාවරණය වී තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026