Skip to content
V
කෝටි 4ක් වටිනා 'කුෂ්' තොගයක් ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

කෝටි 4ක් වටිනා 'කුෂ්' තොගයක් ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට

By News Room · 24 December 2024

රුපියල් හාර කෝටි තිස් අට ලක්ෂ අසූ දහසක් පමණ වටිනා "කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක්, මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකු, ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට යමින් සිටියදී ය.

එම පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරුයෙක් බව සඳහන් ය. ඔහු අද (24) දහවල් තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

එම පුද්ගලයා රැගෙන විත් තිබූ ගමන් මල්ල තුළ "කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ 04 යි ග්‍රෑම් 388ක් පාර්සල් 05 ක් ලෙස සකස් කර සඟවා ගෙන පැමිණ සිටියදී ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා විය.

අදාළ පුද්ගලයා සහ ඔහු විසින් රැගෙන විත් තිබූ "කුෂ්" මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026