Skip to content
V
කෝටි 4කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙක් දැලේ
featured news - උණුසුම් පුවත්

කෝටි 4කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙක් දැලේ

By News Room · 13 January 2025

අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු කොරතොට, වැලිහින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු නවගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අයිස් මත්ද්‍රව්‍යවලට අමතරව හෙරෝයින් ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් තිබී සොයා ගත් බව පොලීසිය පවසයි.

පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි 04කට අධික බව වාර්තා වෙයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මකයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026