Skip to content
V
කෝටි 17 ක 'හෂීෂ්' තොගයක් සමග විදේශීය කාන්තාවක් අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

කෝටි 17 ක 'හෂීෂ්' තොගයක් සමග විදේශීය කාන්තාවක් අත්අඩංගුවට

By News Room · 10 March 2025

රුපියල් කෝටි 17 කට අධික වටිනාමකින් යුත් ‘හෂීෂ්' මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සඟවා ගෙන පැමිණි විදේශීය කාන්තාවක් ඊයේ (09) කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කාන්තාව 20 හැවිරිදි කැනඩා ජාතික උපාධි අපේක්ෂක තරුණියක් වන අතර, ඇය සතුව තිබී හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 17යි ග්‍රෑම් 573ක ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

ඇය මෙම මත්ද්‍රව්‍ය තොගය ද රැගෙන කැනඩාවේ ටොරොන්ටෝ නුවර සිට අබුඩාබි නුවර වෙත පැමිණ, එතැන් සිට රාත්‍රී 08.35ට එතිහාඩ් ගුවන් සේවයේ EY-396 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි සඳහන් වෙන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අදාළ තරුණිය සහ ඇය විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026