Skip to content
V
කෝටි 14ක කොකේන් සමග විදෙස් කාන්තාවක් ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

කෝටි 14ක කොකේන් සමග විදෙස් කාන්තාවක් ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට

By News Room · 29 December 2024

ඝානාවේ සිට මෙරටට පැමිණි විදෙස් කාන්තාවක් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4 යි ග්‍රෑම් 68ක තොගයක් සමග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දකුණු අප්‍රිකානු ජාතික මෙම කාන්තාව අද අලුයම 1.50 ට පමණ මෙරටට පැමිණ ඇති අතර, මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් ඇගේ ගමන් මල්ලේ සඟවා තිබියදී මෙම කොකේන් තොගය සොයා ගෙන ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ සදහන් කළේ. මෙලෙස රේගු භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 14 කට අධික බව සදහන්.

41 හැවිරිදි සැකකාරිය එච්.අයි.වී.වෛරසය ආසාදිතයෙකු බවටයි රේගු නිලධාරීන් අනාවරණය කර ගෙන ඇත්තේ. මෙම කාන්තාව සහ ඇය විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026