Skip to content
V
කෝටි 13ක හෙරොයින්, අයිස් හා මල්පෙති තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

කෝටි 13ක හෙරොයින්, අයිස් හා මල්පෙති තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

By News Room · 11 December 2024

ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක වන ‘කාංචනා‘ නැමැත්තියගේ ප්‍රධාන ගෝලයෙක් රුපියල් කෝටි 13 කට ආසන්න හෙරොයින්, අයිස් හා මල්පෙති තොගයක් සමග කහතුඩුව, පොල්ගඹ්විට ප්‍රදේශයේදී අද (11) පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නෑබඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27 ක පුද්ගලයෙකි.

පොලිස් විශේෂ කාර්ය බළකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි විශේෂ නිලධාරීන් කණ්ඩායමක් යොදවා මෙම වැටලීම සිදුකර ඇත.

එහි දී පොලිස් උපාය දූතයෙකු මාර්ගයෙන් අයිස් මත්ද්‍රව්‍ය කිලෝවකට ආසන්න ප්‍රමාණයක් කැස්බෑව ප්‍රදේශයට ගෙන්වා ගෙන ඇති අතර ඒ ඔස්සේ සිදු කරන ලද වැඩිදුර විමර්ශණවලදී පොල්ගස්මවිට ප්‍රදේශයේ කුලී පදනම මත ලබා ගෙන ඇති නිවසක සගවා තිබු හෙරොයින් කිලෝ 5 කට ආසන්න ප්‍රමාණයක්, අයිස් මත් ද්‍රව්‍ය කිලෝ 1.5 කට ආසන්න ප්‍රමාණයක් හා ඩාන්සින් පිල් නැමැති මල්පෙති 800 ක ප්‍රමාණයක් විශේෂ කාර්ය බළකාය සොයාගෙන තිබුණි.

ඒ අනුව සිදුකළ විමර්ශනවලදී මෙම මත් ද්‍රව්‍ය තොගය ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක වන ‘කාංචනා‘ නැමැති කාන්තාවකට අයත් බවට තොරතුරු අනාවරණය වී ඇත. සැකකරු පදිංචිව සිටින නිවෙස කාංචනා නැමැති කාන්තාව විසින් කලක සිට කුලී පදනම මත ලබා ගෙන මත්ද්‍රව්‍ය ගබඩා කර තබා ගන්නා ස්ථානයක් ලෙස යොදා ගනිමින් මෙහි සිට විවිධ ප්‍රදේශ වෙත මත්ද්‍රව්‍ය බෙදා හැරීම සිදු කොට ඇති බවටද තොරතුරු අනාවරණය කරගෙන ඇත.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම හා අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය 02 ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී.ආර්. පාරමුල්ල මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැටලීම සිදුකළහ.

අත්අඩංගුවට ගත් සැකකරු සහ මත් ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සදහා මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාරදී ඇත.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026