Skip to content
V
කොටස් වෙළෙඳපොළේ දැවැන්ත කඩා වැටීමක්
featured news - උණුසුම් පුවත්

කොටස් වෙළෙඳපොළේ දැවැන්ත කඩා වැටීමක්

By News Room · 5 February 2025

අද (05) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත කඩා වැටීමක් වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 500.39 කින් පහළ ගොස් ඒකක 16,456.10 ක් ලෙසින් සටහන් වී තිබුණි. මෙය 2022 අප්‍රේල් මස 26 වන දිනෙන් පසු මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් ඇතුළත කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය පහළ ගිය වැඩිම ඒකක ගණන ලෙසින් සඳහන් කළ හැකිය. එදින ඒකක 608.5කින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් ඇති බව සංඛ්‍යයා සටහන් පෙන්වා දෙයි.

මේ අතර S&P SL20 මිල දර්ශකය ද ඒකක 167.18කින් පහළ ගොස් ඒකක 4,898.04ක් ලෙසින් දැක්වුණි. අද දින සමාගම් 223ක කොටස් මිල ගණන් පහළ ගොස් තිබුණු අතර ඉහළ යාමක් වාර්තා වී තිබුණේ සමාගම් 16ක පමණි. ප්‍රධන වශයෙන් පසුගිය දින කිහිපය තුළ කොටස් වෙළෙඳපොළේ වර්ධනය සඳහා ඉහළ දායකත්වයක් ලබා දුන් බැංකු සමාගම් රැසකම කොටස් මිල ගණන් පහළ යාම්, අද දිනයේ සියලු කොටස් මිල දර්ශකයේ කඩාවැටීමට බෙහෙවින් හේතුවිය. අද ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රුපියල් බිලියන 6.35ක් ලෙසය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026