Skip to content
V
කෑගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් නිදි යහනේම ඝාතනයට ලක්කරයි
featured news - උණුසුම් පුවත්

කෑගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් නිදි යහනේම ඝාතනයට ලක්කරයි

By News Room · 29 October 2024

කෑගල්ල, බුළුරුප්ප, කෙම්පිටිය වලව්වේ හිමිකරු වන ක්‍රිෂාන්ත පුලස්ති මාරපන නැමැත්තාව ඔහුගේ වලව්ව තුළ ඇති නිදි ඇඳමත ඝාතනය කර තිබියදී ඊයෙ (28)  පෙරවරුවේ සොයාගැනුණි.

ඒවන විටත් ඔහුගේ දෙපා සහ දෙඅත් ගැටගසා, කට සෙලෝටේප්වලින් ඔතා තිබූ බව පැවසෙයි. ඔහුගේ සිරුර සොයාගනු ලැබුවේ, නිවසේ සේවය කරන පුද්ගලයාගේ පුත්‍රයා විසිනි. ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ බිරියගේ ද කට සෙලෝටේප්වලින් ඔතා ඇඳ අසල බිම සිටියදී එම පුද්ගලයා විසින් සොයාගෙන තිබේ. අනතුරුව පොලීසියට මේ බව දැනුම්දීමෙන් අනතුරුව පැමිණි විමර්ශන නිලධාරීන් අදාළ කාන්තාව රෝහල්ගත කර ඇත.  අදාළ වලව්වේ කාමරවල තිබූ අල්මාරි සියල්ල විවෘත කර ඒවායේ තිබූ භාණ්ඩ ඇද දමා තිබූ අයුරු දැකගත හැකි විය. 

මෙම ඝාතනය සඳහා කොතරම් පිරිසක් පැමිණිය ද යන්න පිළිබඳව සහ නිවසේ තිබූ කුමක් පැහැරගෙන ගියේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැත. ඊට හේතුවී ඇත්තේ මෙම සිදුවීමත් සමග අසනීප තත්ත්වයේ සිටි අදාළ පුද්ගලයාගේ වයෝවෘද්ධ බිරිය සිහිමද තත්ත්වයට පත්වීම ය. නිවසේ තිබූ මෝටර් රථය ද පැහැරගෙන ගොස් ඇති අතර පසුව එය නිවසට කිලෝමීටර 4ක පමණ දුරින් දමාගොස් තිබියදී පොලීසිය ඊයේ පස්වරුවේ සොයාගෙන තිබේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා විශ්‍රාමික ගුරුවරයෙකු වන අතර ඔහු කෑගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකි.

සමාජ සේවකයෙකු ලෙස ප්‍රදේශයට සේවය කර ඇති ඔහු මන්ත්‍රී වැටුපද ලබාගෙන නොමැත. දෙදරු පියෙකු වන ඔහුගේ පුත්‍රයා ඔස්ට්‍රේලියාවේ ජීවත්වන අතර දියණිය මීට පෙර මියගොස් ඇත. මෙම ඝාතනයට හේතුව කුමක් ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කෑගල්ල පොලීසිය සිදුකරයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026