Skip to content
V
කොකේන් සමග විදෙස් ජාතිකයෙකු ඇතුළු 4ක් දැලේ
featured news - උණුසුම් පුවත්

කොකේන් සමග විදෙස් ජාතිකයෙකු ඇතුළු 4ක් දැලේ

By News Room · 6 November 2024

කොකේන් මත්ද්‍රව්‍ය සමග විදෙස් ජාතිකයෙකු සහ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (05) පෙරවරුවේ ගාල්ල වරාය පොලීසියට ලද තොරතුරක් මත දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම ආසන්නයේදී අක්මීමන පොලීසියේ නිලධාරීන්ගේ සහාය ඇතිව සිදුකරන ලද වාහන පරීක්ෂාවකදී මෙම සැකකරුවන්ගෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී අදාළ කාර් රථය කොළඹ දෙස සිට පැමිණ ඇති අතර එහි තිබී ග්‍රෑම් 277ක් බරැති කොකේන් මත්ද්‍රව්‍ය කරල් 19ක් අඩංගු පාර්සලයක් පොලීසිය විසින් සොයා ගත්තේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24 හා 32 යන වයස්වල පසුවන තල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.මෙම මත්ද්‍රව්‍ය කොල්ලුපිටිය ප්‍රදේශයේදී විදේශීය ජාතිකයෙකු විසින් ඉහත සැකකරුවන්ට ලබාදී ඇති බවට අනාවරණය වී ඇත.

ඒ අනුව ඊයේ පස්වරුවේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් විසින් බොරැල්ල ප්‍රදේශයේ දී මෙම කොකේන් මත්ද්‍රව්‍ය ඉහත සැකකරුවන්ට ලබාදුන් විදේශ ජාතික සැකකරු ග්‍රෑම් 672ක් බැරැති කොකේන් මත්ද්‍රව්‍ය කරල් 40ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී ඔහු සතුව තිබී අමෙරිකානු ඩොලර් 500ක් හා තවත් විදේශීය මුදල් නෝට්ටු කිහිපයක් ද සොයාගෙ ඇත. මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු ද කොකේන් ග්‍රෑම් 04 මිලිග්‍රෑම් 700ක් සමග ඉන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් විදේශ ජාතික සැකකරු වයස අවුරුදු 52ක් වන සියරා ලියෝන් ජාතිකයෙකු වන අතර අනෙක් සැකකරු වයස අවුරුදු 28ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල වරාය පොලීසිය හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026