Skip to content
V
කොකේන් කිලෝ 3ක් සමඟ මැලේසියානු ජාතික කාන්තාවක් දැලේ
featured news - උණුසුම් පුවත්

කොකේන් කිලෝ 3ක් සමඟ මැලේසියානු ජාතික කාන්තාවක් දැලේ

By News Room · 29 August 2024

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රියේ බෙල්ලන්විල දී මැලේසියානු ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබුණි. 24 හැවිරිදි ඇය සතුව තිබී කොකේන් කිලෝ 3ක් ද හමුවී තිබේ.

එහි දළ වටිනාකම රුපියල් කෝටි 11ක් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.

ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග මත එම කාන්තාවගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කරන බව වාර්තා වේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ උපදෙස් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති සහ අධ්‍යක්ෂවරයා එහි පරීක්ෂණ කටයුතු අධීක්ෂණය කරයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026