Skip to content
V
කළුතර පාලම යටදී කිඹුලෙකු විසින් පුද්ගලයෙකු ඩැහැගෙන යයි
featured news - උණුසුම් පුවත්

කළුතර පාලම යටදී කිඹුලෙකු විසින් පුද්ගලයෙකු ඩැහැගෙන යයි

By News Room · 13 February 2025

කළුතර බෝධිය ආසන්නයේ කළුතර පාලම යට ප්‍රදේශයේදී පුද්ගලයෙකුව කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව පොලීසිය පවසනවා. ඊයේ (12) උදෑසන කළුතර පාලම මත රැඳී සිටින අවස්ථාවේ පාලම යට මුහුණ සෝදමින් සිටි පුද්ගලයෙකු එක්වරම කිඹුලෙකු විසින් ඩැහැගෙන ගිය බව තමා දුටු බවට පවසා පුද්ගලයෙකු විසින් කළුතර උතුර පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව පොලීසිය විසින් එම ස්ථානයේ කළ සෝදිසි මෙහෙයුමකදී කිඹුලෙකු විසින් ඩැහැගෙන ගිය බවට සඳහන් පුද්ගලයාගේ බවට සැකකෙරෙන ගමන් බෑගයක් තුළ තිබී කතරගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක පුද්ගලයෙකුගේ හැදුනුම්පතක ඡායාරූපයක්, බැංකු පාස්පොත් දෙකක් සොයාගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026