Skip to content
V
කපිල චන්ද්‍රසේනට සහ උදයංග වීරතුංගට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරයි
featured news - උණුසුම් පුවත්

කපිල චන්ද්‍රසේනට සහ උදයංග වීරතුංගට අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරයි

By News Room · 10 December 2024

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මඟින් සම්බාධක සහ වීසා සීමා පනවා තිබේ.

ඒ ඔවුන් සිදුකළ බවට සැලකෙන ඇති මූල්‍ය වංචා සිදුවීම් සම්බන්ධයෙනි.

මේ යටතේ ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන එයාර්බස් ගුවන් යානා මිලට ගැනීමේදී වෙළෙඳපොළ වටිනාකමට වැඩි අගයකට ඒවා මිලදී ගැනීම සඳහා අල්ලස් ගත් බවට චෝදනා එල්ල වී තිබේ.

හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංගට එරෙහි සම්බාධක පනවා ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේ දූෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවට එල්ලවන චෝදනා යටතේය.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ 7031(c)වගන්තිය යටතේ මොවුන් දෙදෙනාට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට යන දෙපාර්ශවයේම නම් ප්‍රසිද්ධ කර ඇති අතර, ඔවුන්ට එරටට ඇතුළුවීම තහනම් කර තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026