Skip to content
V
කඳාන පොලිසිය ඉදිරිපිට වෙඩි තැබීමක්; පුද්ගලයෙක් ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

කඳාන පොලිසිය ඉදිරිපිට වෙඩි තැබීමක්; පුද්ගලයෙක් ජීවිතක්ෂයට

By News Room · 3 July 2025

කඳාන පොලිසිය ඉදිරිපිටදී නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කඳාන පොලිසිය ඉදිරිපිටදී අද (03) උදෑසන 10ට පමණ නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් ටී-56 ගිනිඅවියක් වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබුණි.

මෝටර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු වෙඩික්කරුවන්ගේ ඉලක්කය වී ඇති බව පොලීසිය පැවසුවේය. වෙඩි ප්‍රහාරයෙන් මෝටර් රථයේ ගමන්ගත් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී එක් අයෙකු මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසුවේ‍.

පොලීසියේ පැවසුවේ, මෝටර් රථයේ ගමන් කළ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සමීර මනහර හෙවත් 'වැලි සමීර' නැමැත්තා වෙඩික්කරුගේ ඉලක්කය වී ඇති බවය.

ඔහුට වෙඩි ප්‍රහාරයෙන් තුවාල සිදුවූවද තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරාංචි මාර්ග සඳහන් කළේය. වෙඩි ප්‍රහාරයෙන් ඝාතනය වූ පුද්ගලයා උපාලි අමුණුවිල නැමැත්තෙක් වන අතර ඔහු සමීර මනහර නැමැත්තාගේ මස්සිනා බව වාර්තා වේ.

ඔවුන් දෙදෙනා කායවර්ධන මධ්‍යස්ථානයට ගොස් නැවත සිය නිවසට යමින් සිටින අතුරදී එනම් ඔවුන්ගේ නිවසට මීටර 500ක් පමණ දුරකදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේය. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලීසිය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකරයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026