Skip to content
V
කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීමට ඉන්දීය රජයෙන් ඩොලර් මිලියන 65ක්
featured news - උණුසුම් පුවත්

කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීමට ඉන්දීය රජයෙන් ඩොලර් මිලියන 65ක්

By News Room · 9 September 2024

කන්කසන්තුරේ වරාය පුළුල් කර සංවර්ධනය කිරීම පිණීස ඉන්දීය රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 65ක මුදලක් ලබා දීමට එකග වී ඇති බව ඉන්ද්‍රීය මධ්‍යම රජය ඊයේ (08) ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කන්කසන්තුරේ වරාය පුළුල් කොට සංවර්ධනය කිරීම තුළින් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර වාණිජ කටයුතු සීඝ්‍රයෙන් වර්ධනය කිරීමටද ඉන්දියාව බලාපොරොත්තු වන බව එම නිවේදනයේ සදහන්.

ඉන්දියාවේ සිට භාණ්ඩ රැගත් විශාල ප්‍රමාණයේ නැව්වලට කන්කසන්තුරේ වරාය වෙත සේන්දු වීමටත්, භාණ්ඩ පැටවුම් හා ගොඩබෑම විශාල ධාරිතාවයකින් යුතුව සිදු කිරීමට මෙම වැඩසටහන තුළින් අවස්ථාව උදාවන බවද ඉන්ද්‍රියව ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළ, යාපනයේ දූපත්වල සුළං බලාගාර, දුම්රිය ප්‍රවාහනය යන ක්ෂේත්‍ර සඳහා ඉන්දියාව මුල්‍ය ආධාර හා ආයෝජන සිදු කර ඇති බවද වැඩිදුරටත් සදහන්.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026