Skip to content
V
කටුනායක සිට මැදපෙරදිග දක්වා තිබූ ගුවන් ගමන්වාර 57ක් අවලංගු කරයි
featured news - උණුසුම් පුවත්

කටුනායක සිට මැදපෙරදිග දක්වා තිබූ ගුවන් ගමන්වාර 57ක් අවලංගු කරයි

By News Room · 3 March 2026

මැදපෙරදිග ඇති වී තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මැදපෙරදිග දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන්වාර 57ක් අද (03) දිනයේද අවලංගු කර තිබේ.

ඒ අනුව මෙරටින් පිටත්ව යෑමට නියමිතව තිබූ ගුවන්ගමන් වාර 28ක් සහ මෙරටට පැමිණීමට නියමිතව තිබූ ගුවන්ගමන් වාර 29ක් අවලංගු වී ඇත.

මේ අතර හෙට (04) දිනේය දී ද ගුවන් ගමන්වාර 4ක් අවලංගු කර තිබේ. මැදපෙරදිගට යන සහ එන මෙන්ම එම කලාපය හරහා වෙනත් ගමනාන්ත වෙත පියාසර කරන ගුවන් යානා තවදුරටත් තාවකාලිකව අවලංගු කර ඇති බව, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා පවසයි.

කෙසේ වෙතත්, ඔහු ප්‍රකාශ කළේ ගුවන් ගමන් කිහිපයක් පමණක් එම කලාපය හරහා අද පෙරවරුවේත් පියාසර කළ බවය. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026