Skip to content
V
කටුනායකට පැමිණි ගුවන් යානා 3ක් ඝන මීදුම හේතුවෙන් මත්තල ගුවන් තොටුපලට පිටත් කරයි
featured news - උණුසුම් පුවත්

කටුනායකට පැමිණි ගුවන් යානා 3ක් ඝන මීදුම හේතුවෙන් මත්තල ගුවන් තොටුපලට පිටත් කරයි

By News Room · 19 November 2025

අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබෑමට නියමිතව තිබුණු ගුවන් යානා 03 ක් මත්තල ගුවන් තොටුපොළට හා ඉන්දියාවේ තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත හරවා යැවීමට කටයුතු කර තිබෙනවා.

අද (19) උදෑසන කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ පැවති ඝන මීදුම හේතුවෙන් මෙලෙස එම ගුවන් යානා හරවා යවා ඇති බවයි සඳහන් වෙන්නේ.

චීනයේ ගුවැන්ෂු සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL-881 ගුවන් යානය සහ සෞදි අරාබියේ රියාද් සිට පැමිණි UL-266 ගුවන් යානය මෙලෙස මත්තලට හරවා යවා ඇති අතර, සෞදි අරාබියේ දමාම් සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයේ UL-254 ගුවන් යානය ඉන්දියාවේ කේරළයේ තිරුවානන්තපුරම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත හරවා යවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026