Skip to content
V
කච්චතිව් මුහුදේ ඉන්දීය බෝට්ටුවක් පෙරලීයාමෙන් දෙදෙනෙක් අතුරුදහන්
featured news - උණුසුම් පුවත්

කච්චතිව් මුහුදේ ඉන්දීය බෝට්ටුවක් පෙරලීයාමෙන් දෙදෙනෙක් අතුරුදහන්

By News Room · 27 August 2024

කච්චතිව් මුහුදු ප්‍රදේශයේ ඉන්දීය ධීවර බෝට්ටුවක් අනතුරකට ලක්වීමෙන් ඉන්දීය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ. ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් අනතුර සිදුව ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

එහිදි එම බෝට්ටුවේ සිටි ධීවරයින් දෙදෙනෙකු දියේ ගිලීමෙන් අතුරුදන්ව තිබේ. අනෙක් ධීවරයින් දෙදෙනා ව බේරාගැනීමට නාවික හමුදාව සමත්විය. එම දෙදෙනා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවත් ඔවුන් ව ඉන්දීය බලධාරීන් වෙත භාරදීමට අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින බවත් ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

අතුරුදන් වූ ඉන්දීය ධීවරයින් සොයා මේ වන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

තවද, මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සඳහා කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මගින් ඉන්දියාවේ චෙන්නායි සමුද්‍රීය සෙවීම් හා මුදවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය දැනුවත් කිරීමද සිදුකර තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026