Skip to content
V
ඕස්ට්‍රේලියා හා ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් තරගය අදයි
featured news - උණුසුම් පුවත්

ඕස්ට්‍රේලියා හා ශ්‍රී ලංකාව අතර දෙවන ටෙස්ට් තරගය අදයි

By News Room · 6 February 2025

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත වෝන්-මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය අද(06) පැවැත්වෙනවා. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී. මෙම තරගයෙන් පසුව හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට නියමිතයි. මෙය ඔහුගේ සියවන ටෙස්ට් තරගයද වීම විශේෂත්වයක්.

මෙම තරගයේදී පැතුම් නිස්සංක යළි කණ්ඩායමට එක්වීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා. ආබාධයක් හේතුවෙන් ඔහුට පළමු ටෙස්ට් තරගය අහිමි වුනා. පළමු ටෙස්ට් තරගයේ ඉනිමකින් සහ ලකුණු 242 ජය ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්වුනා. මෙම තරගය අද පෙරවරු 10.00 ආරම්භ වීමට නියමිතයි. මෙම තරගයෙත් පෙර පරිදිම ලංකා කණ්ඩායම ධනංජය ද සිල්වා විසින් මෙහෙයවනු ලබන අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම ස්ටීව් ස්මිත් විසින් මෙහෙයවනු ලබනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026